Sunday, May 19, 2013

Beautiful Creatures - 2013 [සිංහල උපසිරැසි සමග]


බියුටිෆුල් ක්‍රියෙචර්ස් කියන නමින් ම රචනා කරන ලද ජනප්‍රිය නවකතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. පසු ගිය වසරේ අවසන් වුන ට්වයිලයිට් චිත්‍රපට මාලාව මතක ඇතිනේ. මේ කතාවත් ඒ හා සමාන පසුබිමක් සහිත කතාවක් කිව්වට වරදක් නැහැ මම හිතන්නේ. චිත්‍රපටයේ ආරම්භය සටහන් වෙන්නේ ඊතන් නම් තරුණයා දකින සිහිනයකින්. ඔහු නොදන්නා ගැහැණු ළමයෙක් තමයි ඔහු සිහිනයෙන් දකින්නේ. ඊතන් ජිවත් වෙන්නේ දකුණු කැරලිනා වල ගැට්ලින් නම් කුඩා ගමක. ඔහුට අවශ්‍ය තමන්ගේ උසස් අධ්‍යාපන කරයුතු සදහා ගමෙන් පිටවෙලා යන්න. මේ අතරේදී තමයි ඔහුගේ කනිෂ්ඨ වසරේ පලවෙනි දිනයේදී ඔහුට ලීනා නම් තරුණිය හමුවෙන්නේ. පුදුමයකට වගේ ඇය ඔහු සිහිනෙන් දුටුව තරුණියට සමානයි. පාසලේ අනෙකුත් අය ඇය දිහා බලන්නේ අමුතු විදියකට. ඔවුන්ගේ විශ්වාසය වෙන්නේ ඇය මායා කාරියක් කියලා. ඒ දේ තහවුරු වෙන්න ත් විවිධ දේවල් සිද්ධ වෙනවා. නමුත් ලීනා සහ ඊතන් පෙම්වතුන් වෙනවා. ඉන් පස්සේ සිද්ධ වෙන දේවල් බලන්න චිත්‍රපටය බලන්න වෙයි.



Screen caps
 


'
 
 
880 MB
 

1 comment:

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...