ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද රසල් ක්‍රෝ සහ කැතරින් සිටා ජෝන්ස් සමග ඔස්කාර් සදහා නිර්දේශ වුනු තවත් දක්ෂ නළුවෙක් වන මාර්ක් වෙල්බර්ග් මෙහි ප්‍රධාන චරිත රගපානවා. චිත්‍රපටය එතරම් සාර්ථකව තිරගත නොවුනත් රසවිදින්න පුළුවන් හොද චිත්‍රපටයක් ලෙස සලකන්න පුළුවන්. බිලි ටගාර්ට් හිටපු නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙක්. මිනීමැරුමක් සම්බන්ධ දෙයක් නිසා ඔහුට පොලිසියෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මේ වෙනකොට එයින් අවුරුදු 7 ක් විතර ගතවෙලා. පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් විදියට තමයි ඔහු දැන් වැඩ කරන්නේ. නගරාධිපති වන නිකලස් හොස්ටෙට්ලර් බිලි ට වැඩක් භාර දෙනවා. ඒ ඔහුගේ බිරිද ගැන ඔත්තු බලන්න. බිලි දැන ගන්නවා ඇය ට රහස් සම්බන්ධයක් තියන බව. නමුත් ඇත්තටම මෙහි පිටතට පෙනෙනවට වඩා ලොකු අභිරහසක් ඇති බව ඔහු දැන ගන්නවා.
Screen caps



patta film 1. thanx mchan
ReplyDelete