Saturday, April 27, 2013

Mama - 2013



ඔන්න මේ නම් කියන්න යන්නේ මේ අවුරුද්දේ අති සාර්ථකව තිරගත්වුණු ඒ වගේම ටික කාලෙකට පස්සේ නිපදවුණු සුපිරිම ත්‍රාසජනක චිත්‍රපටයක් ගැන. ජාත්‍යන්තර චිත්‍රපට වර්ගීකරණ දර්ශකයේ (IMDB වෙබ් අඩවියේ දර්ශකය) 6.4 ක අගයක් මේකට හිමි වෙලා තියනවා. ඇත්තටම ත්‍රාසජනක චිත්‍රපටයක් සදහා මේක ඉතාමත් හොද අගයක්. කතාවට මුලික වශයෙන් පාදක වෙන්නේ කුඩා ගැහැණු ළමයින් දෙදෙනෙක්. කතාව ආරම්භයේදී ඔවුන්ගේ පියා මෙයාලගේ මව ව ඝාතනය කරලා මේ දෙන්නව වාහනයක දමා ගෙන වේගයෙන් යන අතරේ වාහනය අනතුරකට පත් වුනත්  ඔවුන් ජිවිත බේරා ගැනීමට සමත් වෙනවා. මේ වෙනකොට අවුරුද්දක් සහ අවුරුදු 3 කවන මේ දෙන්නව ඔවුන්ගේ පියා ලග තියන අතහැර දාපු කුඩා නිවසකට ගෙන යනවා. එතනදී පියා සුදානම් වෙන්නේ දරුවන් දෙදෙනාගේ ජීවිතය නැති කරලා ඔහුත් ජීවිතය නැති කර ගන්න. නමුත් අභිරහස් ලෙස ඔහුව ඝාතනයට ලක් වෙනවා. මේ සිද්ධිය සිදුවෙලා මේ වෙනකොට අවුරුදු 5 ක් ගත වෙලා. ඔවුන්ගේ පියාගේ සහෝදරයා වන ලූකස් ඔවුන්ව හොයන එක නම් තාමත් අත්හැරලා නැහැ. ඉතින් අවුරුදු 5 කට පස්සේ පුදුමයකට වගේ මේ කුඩා ගැහැණු ළමයි දෙන්නව සොයා ගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. නමුත් මේ වෙනකොට ඔවුන් සෑහෙන වෙනස් වෙලා තිරිසන් සතුන්ගේ තත්වයට පත් වෙලා. ලූකස් සහ ඔහුගේ පෙම්වතිය වන ඇනබෙල් ඔවුන්ව රැක බලා ගන්න භාර ගන්නවා. එත් මේ දරු දෙදෙනා විතරක් නෙමෙයි ඔවුන්ගේ නිවහනට එන්නේ. ඒ ගැන දැන ගන්න කතාව බලන්නම වෙයි.


'



Screen caps
 


'
 
 
 

No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...