Saturday, April 27, 2013

Safe Haven - 2013 ( ප්‍රේමවන්තයන්ගේ දිනය වෙනුවෙන් )


මේ අවුරුද්දේ ප්‍රේමවන්තයන්ගේ දිනය වෙනුවෙන් නිකුත් වුන හොලිවුඩ් චිත්‍රපටය තමයි මේ. ඉතාමත් ජනප්‍රිය වුනු නෝට්බුක්, ඩියර් ජෝන්, ද ලකී වන් කියන චිත්‍රපට වගේම මේකත් නිකලස් ස්පාකස් නවකතාවක් ඇසුරෙන් තමයි නිරමාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ඉතාම සාර්ථකව මෙය තිරගතවුන චිත්‍රපටයක් ලෙස හැදින්වුවාට වරදක් නැහැ. කේටි කියන තරුණ කාන්තාව උතුරු කැරොලිනා වල සවුත්පාක් නගරයට පැමිණීම තමයි කතාවේ ආරම්භය. නගරයේ අයට ඇයගේ අතීතය අභිරහසක් වගේම අය අසල්වාසීන් ගෙන් ඈත් වෙලා දිවි ගෙවන්නත් වග බලා ගන්නවා. ඇත්තටම ඇයට අවශ්‍ය වෙන්නේ ඇයගේ අමිහිරි අතීතය අමතක කරන්න. මේ අතරේදී තමයි ඇයට ජෝ(ඇයගේ අසල්වාසියෙක්) සහ ඇලෙක්ස් (බිරිද මියගිය දෙදරු පියෙක්) හමුවෙන්නේ. ජෝ කේටි හා ඇලෙක්ස් ව එකතු කරන්න උත්සහ කරනවා. කේටි ත් ඇලෙක්ස් ට ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් ඇලෙක්ස් ගේ දරුවන් දෙදෙනා කේටි ට කැමති වෙයිද? කේටි ට ඇයගේ අතීතය රහසක් ලෙස තියා ගන්න පුළුවන් වෙයිද? මේවට පිළිතුරු දැන ගන්න කතාව බලන්නම වෙයි.






Screen caps



'
 
 
 

No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...