Thursday, November 21, 2013

ලැප්ටොප් බැටරියක් රැකගන්න පුලුවන් ක්‍රම




ලැප්ටොප් බැටරියක් රැකගන්න පුලුවන් ක්‍රම ඔයාලට කියන්නම්.

මේ ගැන ඔයාලත් හිතලා බැලුවද ? ලැප්ටොප් එකක් ගන්න යන මුදලින් පහෙන් එකක් යනවා බැටරිය මාරුකරන්න වුනොත්. ඒ නිසා ටිකක් පරිස්සම් වුනොත් වැඩිපුර වැඩ ටිකක් තියෙන බැටරියෙන් කරගන්න පුලුවන් නේද?

 මේ ලිපිය ලියන වෙලාව වෙනකොට ලංකාවේ ඇතුලේ Dell Laptop Battery එකක මිල රුපියල්9000.00ත්
 12 000ත් අතර මිලක් වෙනවා. ඒ වගේම HP Laptop Battery එකක මිල රුපියල් 9000.00ත් 11 000
 ත් අතර මිලක් වෙනවා.

1. Adjust Screen Brightnessimage

ස්ක්‍රීන් එකට දීලා තියෙන එළියේ ප්‍රමාණය අඩු මට්ටමක තියාගන්න. උපරිමය 100% ක් කියලා හිතමුකෝ. ඒ ප්‍රමාණය 4545% පමණ කරගන්න. බැටරියට වගේම ඇස් දෙකටත් හොදයි. විශේෂයෙන් අදුරු ස්ථානවලදි අපි පුරුද්දකට වගේ Brightness එක ගොඩක් වැඩි කරගන්නවා. ඒ වගේ අවස්ථාවලදි බැටරිය වැඩිපුර වෙහෙසෙන නිසා බැටරිය ඉක්මනින්ම විනාස වෙනවා.


2. Optimize Your Power Settingsimage

වින්ඩෝව්ස් 7 වගේ භාවිතා කරන හැමෝම මේ ගැන නම් දන්නවා ඇති. Power Plan 2ක් තියෙනවා. Balanced හා Power saver ලෙස. විදුලිය සපයා ඇති වෙලාවට Balanced Power Plan එක භාවිතා කරලා Battery එකෙන් වැඩ කරන වෙලාවට Power saver භාවිතා කරනවා නම් Battery එක ගොඩක් කල් භාවිතා කරන්න පුලුවන්. එහෙම නැත්තම් Control Panel\All Control Panel Items\Power Options\Create a Power Plan වෙත ගිහිල්ලා අපිට ගැලපෙන Power Plan එක හදාගන්න පුලුවන්. මතක ධාරිතාව වැඩි වැඩසටහන් භාවිතා කරන වෙලාවට High Performance Power Plan එකක් භාවිතා කරන්න පුලුවන්.


3. Disconnect External Devices


අවශ්‍ය නැති වෙලාවලදී USB Pen Drives, USB Key Board, USB Mouse වගේ භාහිර උපාංග ගලවා තියන්න.

4. Turn off Wi-Fi and Bluetooth

අවශ්‍ය වෙලාවලදි පමණක් Wi-Fi සහ Bluetooth ON කරන්න. බැටරියේ බලය ගොඩක් අඩු වෙලා නම් නැවත චාර්ජ් කරගෙන Wi-Fi සහ Bluetooth භාවිතා කරනවානම් ගොඩක් හොදයි බැටරියට.

5. Avoid running CD/DVD


බැටරියේ බලය ගොඩක්ම අඩු නම් CD/DVD භාවිතා කරන්න යන්න එපා. ඒ වගේම භාවිතා කරලා ඉවරවුනු ගමන්ම CD/DVD ඉවත් කරන්න.

6. Defrag your Hard Drive


Defraggler වගේ සොෆ්ට්වෙයාර් එකක් භාවිතයෙන් නිතරම Hard Drive එක Defrag කරගන්න. මේ සොෆ්ට්වෙයාර් එක නොමිලේ දෙන එකක්. ඕන නම් මෙතනින් ගිහින් Download කරගන්න. එතකොට දත්ත සොයන්න යන ශක්තිය ඉතිරිකරගන්න පුලුවන්.

7. Keep your Computer Running Fast


මේ ගැන ඉදිරියෙදි වෙනමම ලිපියකින් කියන්නම්. උදාහරණ විදියට Recycle Bin එක එහෙම හිස්ව තියලා, අනවශ්‍ය File Delete කරලා වගේ දේවලින් කරන්න පුලුවන්. තවත් බොහෝ දෑ කරන්න පුලුවන් නිසා ඒ සියල්ල ඉදිරි දවසක කියන්නම්.

8. Use Sleep (Standby) or Hibernation


ටික වේලාවක් භාවිතා නොකර ඉන්නවා නම් Shutdown කරන්න යන්න එපා. Sleep හෝ Hibernation භාවිතා කරන්න.

9. Turn off Scheduled Tasks


නියමිත කාලරාමුවකට අනුව සිදුවන්නට දී ඇති වැඩ ඇත්නම් ඒවා අයින් කරන්න. Alarm වගේ දේවල්.

10. Decrease or Mute the laptop speaker volume

එකේ ස්පීකර් වල ශබ්දය අඩු කරලා තියන්න. අවශ්‍ය නැති හැම වෙලාවකම Mute කරන්න.

11. Close Programs that you are Not Using


වැඩ නොකරන වැඩසටහන් වසා දමන්න.

12. Keep the laptop at a cool place


ලැප්ටොප් එක සිසිල් ස්ථානයක තබන්න. වැඩිය රත්වෙන එක Battery එකට හොද නෑ.

13. නිතර ගලවලා පිරිසිදු කරන්න යන්න එපා.


14. දියර වර්ග ඇතුලට යන්න දෙන්න එපා. නිතරම වියලි ආකාරයෙන් තියාගන්න.


                                                     වෙනත් කරුණු


බැටරිය දින කිහිපයක් භාවිතා නොකරයි නම් 40% පමණ චාර්ජ් කර ගලවා සිසිල් ස්ථානයක තබන්න. බැටරි ධාරිතාව අඩු වනතෙක් නොසිට බැටරිය චාර්ජ් කරන්න. ඒකට හේතුව තමයි, Battery එකක් හදනකොට එහි ආයුකාලය charge cycle වලින් නිගමනය කරනවා. මෙහිදී charge cycle එකක් කියන්නේ එක පාරක් 100%ක් චාර්ජ් කලපසු නැවත චාර්ජ් කරන්නේ නැතුව භාවිතා කල හැකි  කාලයන් එකක්. සාමාන්‍යයෙන් මෙය පැය 4ක් විතර. නිතර නිතර චාර්ජ් කිරීමෙන් මේ charge cycle ප්‍රමාණය අඩු වෙනවා. දිගටම විදුලිය සපයා වැඩ කරන වෙලාවෙදි මේ charge cycle වලට බලපෑමක් නෑ. එය බැටරියට හොදයි. ඒත් මසකට වරක් දෙවරක් බැටරි ධාරිතාව අඩු වෙනකන් භාවිතයට ගන්න. එයත් කල් පැවැත්මට ලොකු උදව්වක් වේවි.

No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...